Friday, June 15, 2012

ආදරණීය පියාණෙනි..........


ලේ කිරි කර නොපෙවුවාට
ගෙදර බුදුන් නොකිවුවාට
දස මස කුස නොදැරුවාට
සෙනෙහස මහමෙර තරමට

ජීවිතයෙන් ජය ලබන්ට
හරි වැරැද්ද හඳුන ගන්ට
මට මඟ කියලා දුන්නට
ගරු බුහුමණ පියාණන්ට

ජය පැරදුම හමු වූ විට
සෑම විටම නොසැලි ඉන්ට
ආදර්ශය ලබා ගන්ට
ප්‍රතිරූපය විය ඔබ මට

සැම විට සතුටින් සිටින්ට
සැප හා දුක බෙදා ගන්ට
දිවියට අරුතක් දෙන්නට
පිළිවනි මගෙ පියාණන්ට


No comments:

Post a Comment