Friday, June 15, 2012

ආදරණීය මෑණියනි............


උපන්දා සිට මගේ දිවියේ
දිරිය දුන් සෙවණැල්ල වූයේ
ම අත නොඇරම ළඟම සිටියේ
ඔබයි අම්මේ සවිය වැඩුයේ

කුසගින්න නොම කුසට දැනුනේ
ගත වෙහෙස නොම ගතට දැනුනේ
සිත විඩා නොම සිතට දැනුනේ
ඔබෙ දයාවයි මහට දැනුනේ

සඳ කිරණ බිම නැහැවුවේ
හිරු කිරණ මල් පිබිදුවේ
සඳුත් දිනිඳුත් නොමැති වරුවේ
ඔබයි මා දිවි සැරසුවේ

ළපටි මා හට කතා කිවුවේ
තුරුණු මා හට ඔවා දුන්නේ
හරි වැරදි ගැන නිතර කිව්වේ
මවුණි ඔබ මතු බුදුන් වන්නේ



No comments:

Post a Comment