Monday, September 19, 2011

සොඳුරු සිතිවිල්ල


නොනිත් පැතුමක්
සිතේ ගැවසී
සිත වෙහෙසී
සිතුවිලි පිබිදී
කවි පබැඳී
මාදිවි සරසයි.........

ඒ සොඳුරු දින
උදාවන්නේ කවදාදැයි
ඇඟිලි ගැනෙමින්
බලාපොරොත්තුව සිත දැවටී
තාරු‍ණ‍‍යයේ නවාතැන වෙත
ගතටත් හොරෙන්
සිත පා තබයි.........

Life

When I wake up in the sunshine
I see the dew drops on the earth
And I compare them to my tears
Then I see that, they dry up soon

When I enjoy the morning scenery 
I hear the birds chirping
And I compare them to classical songs
Then I discover that, they never fade

Why life is so crazy?
That once it makes us happy
While once again it makes us cry
I hope that, it's the joy of life.

Thursday, September 15, 2011

බලනු මෑන...........


සදෙව් ලොව දෙවියනේ
නුරා ගිනි ඇවිළී ගියේ
එමැද විඳවන මනු දනන් දෙස
ඇයිද ඔබ නොබලා සිටින්නේ


විඳවනා මුත් එබව නොදැනම
ගිනි පුපුරු පිරිමදින්නේ
තෙරක් නොපෙනෙන දුරු කතර මත
පැන් සොයා පිය නඟන්නේ

සබඳ විරැවනි........



නිබඳ ගිනි අවි අත දැරෑ මුත්
සිත ඔබේ අවිහිංසකයි
රැදුරු යුධ බිම සැරිසැරෑ මුත්
ඔබේ සිතිවිලි පිවිතුරුයි...........


දමා නෑ සිය හිත මිතුරැ කැල
කැප කළේ ඔබ ඔබේ දිවියයි
රටේ නිදහස පතා ආ කල
ණය ගැතියි අප සබඳ ඔබ හට.........

හැර නොයන්........


{මලකි ඔබ මට............. පරව නොයනා
පරව ගිය මුත් ............. පෙති නොහැලෙනා} //
නිබඳ කවිකම් කලා ඇති දැන්
කවිය නුඹමයි මුවඟ රැඳෙනා........

 මා නෙතඟ වසඟයට ගත්තේ
මා සිතඟ ඔබ නිතර රැඳුනේ
මා සිතුම් ඔබ හැඳින ගත්තේ
සොඳුර ඔබමයි ඒ.........   සොඳුර ඔබමයි ඒ......... 

 මලකි ඔබ..............

 මහා වන මැද විල් තෙරේ
පියුම් රහසේ පරව යන්නේ
දිවි මඟේ මිණි පහන වූයේ
සොඳුර ඔබ නම් හැර නොයන්නේ

මලකි ඔබ................

සරසවිය


පැතුම් පොදි බැඳ
නෙක සිහින දැක
නිදිවරා වෙහෙසව
කැප කල තුරුණු වියේ
අරමුණ ඉටු විය.......

නවමු ලොවක් වෙත
දැන් පිය නඟන්නට
මං විවර වූ කල
මා හැඟි ඒ සරසවියේ
මිණිකැට අප විය.......

උපන් මවු බිමේ
වෙසෙස් දිරිය වී
දැනුම් පිපාසය සංහිඳුවා
මිනිස් කමට අරැතක් දෙන්නට
අරමුණ කැප විය.......