Thursday, September 15, 2011

හැර නොයන්........


{මලකි ඔබ මට............. පරව නොයනා
පරව ගිය මුත් ............. පෙති නොහැලෙනා} //
නිබඳ කවිකම් කලා ඇති දැන්
කවිය නුඹමයි මුවඟ රැඳෙනා........

 මා නෙතඟ වසඟයට ගත්තේ
මා සිතඟ ඔබ නිතර රැඳුනේ
මා සිතුම් ඔබ හැඳින ගත්තේ
සොඳුර ඔබමයි ඒ.........   සොඳුර ඔබමයි ඒ......... 

 මලකි ඔබ..............

 මහා වන මැද විල් තෙරේ
පියුම් රහසේ පරව යන්නේ
දිවි මඟේ මිණි පහන වූයේ
සොඳුර ඔබ නම් හැර නොයන්නේ

මලකි ඔබ................

No comments:

Post a Comment